O/L Ivara Wela Monawada Karanne? A/L nethuwa Degree ekak karamuda?

O/L විභාගය ඉවර වුණාම ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, "ඊළඟට මොකද කරන්නේ?" කියන එක. සාම්ප්‍රදායික විදිහට A/L කරනවාද, නැත්නම් වෙනත් පාරකින් ඉක්මනට Degree එකක් අරන් Job එකකට යනවාද? O/L ivara wela A/L නොකර Degree එකකට යන්න පුළුවන් පාරවල් අද ලංකාවේ තියෙනවා.
A/L නොකර Degree එකක් කරන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් A/L කරන්න අවුරුදු 2 1/2 ක් විතර යනවා. ඒ කාලය ඇතුළත ඔයාට Foundation course එකක් කරලා කෙලින්ම Degree එකේ පළවෙනි අවුරුද්දට යන්න පුළුවන්. මේක "Fast-track" ක්‍රමයක්.
Foundation Course එකක් කියන්නේ මොකක්ද?
Foundation එකක් කියන්නේ මාස 8-12 ක් වගේ කාලයක් තියෙන, ඔයාට University එකක Degree එකක් කරන්න අවශ්‍ය මූලික දැනුම දෙන course එකක්. O/L maths සහ English pass නම් ඔයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.
- IT & Computing Foundation: Software Engineering, Data Science වලට කැමති අයට.
- Business Foundation: Management, Marketing, HR, Finance පැත්තට යන්න කැමති අයට.
A/L කරන එකද, Foundation කරන එකද හොඳ?
ඔයාට දැනටමත් IT හෝ Business field එකේ ඉස්සරහට යන්න ස්ථිර අදහසක් තියෙනවා නම්, Foundation එකක් කරන එකෙන් ඔයාගේ කාලය ගොඩක් ඉතුරු වෙනවා. අනිත් අය A/L ඉවර කරලා campus එනකොට, ඔයා Degree එකේ අන්තිම අවුරුද්දේ ඉන්න පුළුවන්!
ගැලපෙනම Course එක හොයාගන්නේ කොහොමද?
O/L ඉවර වුණාට පස්සේ ලංකාවේ තියෙන හොඳම private campus මොනවාද? ඒවගේ තියෙන courses මොනවාද? මේ දේවල් හොයන්න දැන් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. Unicompass හරහා ඔයාට ගැලපෙනම path එක හොයාගන්න පුළුවන්.
👉 O/L වලින් පස්සේ කරන්න පුළුවන් courses මෙතනින් බලන්න!
Useful tools
Try the Z Score Calculator and check courses you can enter using your estimated score.
නිතර අසන ප්‍රශ්න (FAQ)
O/L ඉවර වුණාට පස්සේ A/L නොකර Degree එකක් කරන්න පුළුවන්ද?
ඔව්, පුළුවන්. O/L ඉවර වුණාට පස්සේ Foundation Course එකක් (මාස 8-12) කරලා කෙලින්ම Degree එකේ 1st Year එකට යන්න පුළුවන්. මේක Fast-track ක්‍රමයක් ලෙස හඳුන්වනවා. SLIIT, NSBM, NIBM, IIT වගේ ආයතන මේ පහසුකම සපයනවා.
Foundation Course එකකට ඉල්ලුම් කරන්න O/L වලින් කීයක් pass වෙන්න ඕනද?
සාමාන්‍යයෙන් O/L passes 5ක් හෝ 6ක් අවශ්‍යයි, ඒ අතර Mathematics සහ English අනිවාර්යයෙන්ම pass වෙන්න ඕනේ. සමහර ආයතන සහ පාඨමාලා අනුව අවශ්‍යතා වෙනස් විය හැකියි.
Foundation එක කරන එකද හොඳද A/L කරන එකද හොඳද?
ඔබට IT, Business, Software Engineering වගේ field එකක් ගැන ස්ථිර අදහසක් තියෙනවා නම් Foundation එකක් කරන එකෙන් කාලය ඉතුරු වෙනවා. A/L කරන අයට වඩා අවුරුදු 2-3ක් ඉක්මනට වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. නමුත් තවම විෂය ක්ෂේත්‍රය ගැන විශ්වාසයක් නැත්නම් A/L කිරීම වඩා හොඳයි.
Foundation Pathway එකෙන් ලබාගන්න Degree එක international වශයෙන් පිළිගන්නවාද?
ඔව්, ඔබ පිළිගත් ප්‍රතීතනය ලත් Private University එකක් තෝරා ගන්නේ නම්. ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල විදේශීය විශ්වවිද්‍යාල සමග හවුල්කාරිත්වයෙන් ජාත්‍යන්තරව පිළිගත් උපාධි ලබා දෙනවා.